ආසියාවේ අනාගතය නමින් පැවැත්වෙන 22 වැනි අන්තර්ජාතික සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගී වීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත්ව ගියේය.
මෙම සමුළුව මැයි මස 30 හා 31 යන දිනයන් හිදී ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ආසියානු රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන්, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් ආචාර්ය සුරින් පිට්සුවාන්, අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන ජපාන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හිරෝෂි වටනාබේ, නිකී ඒෂියන් රිවීව් ප්‍රධාන කර්තෘ අකියෝ ෆූජි ආදී පිරිසක් සහභාගී වීමට නියමිතය.