බෝඅඕ සංසදයේ (Boao Forum) 2014 ආසියානු වාර්ෂික සම්මේලනය චීන අග්‍රාමාත්‍ය ලී කෙ කින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා චීනයේදී පැවැත්විණි.
ආසියානු ව්‍යවසායකත්වය තුළ ආසියානු සංස්කෘතිය හා තරගකාරීත්වය මෙහිදී සාකච්ඡා කෙරුණු බව පැවසෙයි.
ආසියානු සංවර්ධනය සඳහා ආසියාවේ විවිධ රටවල් අතර විවිධ ශිෂ්ටාචාර හුවමාරුව සහ ඒවා පිළිබඳ ඉගෙනගැනීම තුළින් මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගතියට හා ලෝක සාමයට හේතු වන බව මෙම සම්මේලනයේදී පෙන්වා දී තිබේ.
ආසියානු ආර්ථික ඒකාග්‍රතා ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස ආසියානු සංස්කෘතිය හා ගවේෂණ අතර සංවාදයක් ඇතිවීම වැදගත් බවද මෙහිදී අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්ව සිටියේය. මේ අවස්ථාවට රටවල් රැසක අගමැතිවරුන් හා අමාත්‍යවරු සහභාගී වූහ. ඒ අතර, ඉන්දියානු රජයේ සැලසුම් කොමසාරිස්වරයා, චිනයේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා, හිටපු වෙළෙඳ අමාත්‍යවරයා, බීජින් විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා සහ කුලපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මේ සම්මේලනය බීජීන් විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ බව පැවසෙයි.