එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් ආර්ථික හා සමාජ කොමිසම මගින් පවත්වනු ලබන ආසියානු පැසිපික් වෙළෙඳ සංසදයේ 11වැනි ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් ආර්ථික හා සමාජ කොමිසමේ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජිත ආචාර්ය මස්තෝ අබේ මහතා අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ආසියානු පැසිපික් වෙළෙඳ සංසදයේ 11 වැනි ප්‍රවර්ධන වැඩසටහන 2014 නොවැම්බර් 24 සිට 27 දක්වා කොළඔදී පැවැත්වීමට නියමිතය. සාමාජික රටවල් අතර තිරසාර ලෙස වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා සංසදයක් ලෙස කටයුතු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් ආර්ථික හා සමාජ කොමිසමේ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජිත ආචාර්ය මස්තෝ අබේ මහතා පවසයි.
මෙය අග්නිදිග ආසියාවේ ප්‍රථම වරට පැවැත්වෙන ආසියානු පැසිපික් වෙළෙඳ සංසදයේ පර්යේෂණ වැඩසටහන බවද ආචාර්ය මස්තෝ අබේ මහතා අවධාරණය කරයි. ආසියානු පැසිපික් කලාපයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් වෙළෙඳ පොළ තත්ත්වයක් ගොඩනැගීම මෙම සංසදයේ අරමුණබවත්, රටවල් 53ක සාමාජිකත්වයක් හිමි මෙම සංසදය තුළ නැගී එන ආර්ථික තත්ත්වයන් හිමි රටවල් 9ක් ද ඇතුළත් බවත් පවසයි.
මෙම වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ දායකත්වයෙන් සිදුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා වාණිජ මණඩලය එක්ව සංවිධානය කර ඇත.