ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සහාය ලැබෙන නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති යෝවුන් පාර්ලිමේන්තු සහ යෞවන සම්මේලන සාමාජික සාමාජිකයන් හමුවේ අදහස් දක්වමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ රැකියා උත්පාදනය කිරීමට නම් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවය. ඒ අනුව, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සහාය ලැබෙන නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව හෙතෙම පවසා සිටියේය.