විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 34 ක් විශේෂ ක්‍රියාවලියක් යටතේ රේගුවෙන් නිදහස් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිත ආයතන, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, දේශීය විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ පුද්ගලයන් විසින් ආපදා සහන කටයුතු වෙනුවෙන් එවනු ලබන භාණ්ඩ සඳහා 2016 ජූනි මස 30 වැනිදා දක්වා මෙම පහසුකම ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
හකුලන මෙට්ට, විදුලිජනක යන්ත්‍ර, ජීවිතාරක්ෂක කබා, ජංගම වැසිකිළි, වැසිකිලි පිරිසුදුකාරක ද්‍රව්‍ය, බෝට්ටු, කුඩ, වැහි කබා, කිරි පිටි, ළදරු කිරිපිටි හා ළදරු ආහාර ආදී භාණ්ඩවලට කොන්දේසිවලට යටත්ව මෙම නිදහස් ලබාදී තිබේ.