වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27දා) සිට ආනයනික සහල් මිල අඩුකිරීමට රජය පියවර ගෙන ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රු.60/- ක්ද, නාඩු කිලෝග්‍රෑම් එකක මිල රු.55/-ක්ද සහ සුදු කැකුළු කිලෝවක මිල රු.50/- ක්ද දක්වා අඩු කෙරෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
දේශීය සහල් මිල පාලනය කිරීම සඳහා මෙලෙස සහල් ආනයනය කිරීමට අමාත්‍යංශය තීරණය කොට ඇති අතර ඉදිරියේ දී බංග්ලාදේශයෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමටද නියමිත බව පැවසෙයි.
දිවයින පුරා පිහිටා ඇති සතොස අලෙවි මධ්‍යස්ථාන හරහා මෙම සහල් මිලදී ගත හැකි බවද අමාත්‍යාංශය කියයි.