වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ පූර්ණ මැදිහත්වීම මත පොල් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ආනයනය කළ පළමු වැනි ශීත කළ පොල් මද තොගය කර්මාන්ත සඳහා මුදාහැරීම ආරම්භ වී තිබේ.
දිසිදි පොල්, නැවුම් පොල් තෙල් හා පොල් කිරි ඇතුළුව පොල් මද ආශ්රිත කර්මාන්තවල පිබිදීමත් සමග පොල් සඳහා වන ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යාම පොල් මිල කෙරෙහි විශාල බලපෑමක් කළ බවත්, දේශීය පොල් නිෂ්පාදනය වාර්ෂිකව ගෙඩි මිලියන 3000ක් පමණ වන අතර ඉන් සියයට 60 - 70 අතර ප්‍රමාණයක් සෘජු පරිභෝජනය සඳහා වැය වන බවත් ඔවුහු පවසති. මේ තත්ත්වය තුළ කර්මාන්ත සඳහා ඉතිරි වන්නේ සියයට 30 - 40ත් අතර ප්‍රමාණයක් බැවින් දැනට වෙළෙඳ පොළේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට පිළියමක් ලෙස මෙසේ පොල් ආනයනය කළ බව අමාත්‍යාංශය පවසයි.