වියදම පාලනය කිරීමට වඩා ආදායම ඉහළ නැංවීමේ ක්‍රමවේද සොයා යෑම තුළින් ජනතාවගේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙල සඳහා වන මගපෙන්වීම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ පවතින බවය. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු මිලට භණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැත්වෙන අවුරුදු පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා ඊයේ (24දා) පෙරවරුවේදී මෙම අදහස් පළ කළේය.
මුදල් අමාත්‍යාංශ අවුරුදු පොළ විවෘත කිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, මෙලා කරුණානායක, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ශාමිලා පෙරේරා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.