සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා මහතා පසුගියදා පැවති %ඒෂියන් බෑන්කර්’ නායකත්ව ඇගයීම් සම්මාන උලෙළේදී (Asian Banker Leadership Achievement Award Programme) 2016 වසරේ ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව ඇගයීම් සම්මානයෙන් (The CEO Leadership Achievement Award 2016) පිදුම් ලැබීමට සමත්ව තිබේ. මෙම සම්මාන උලෙළ පසුගිය මැයි 10 වැනිදා වියට්නාමයේ හැනෝයි නුවර ජේ.ඩබ්ලිව්. මැරියට් හෝටලයේදී පැවැත්විණි.
විවිධ ක්රමෝපායන් ක්‍රියාත්මක කරමින් ආයතනික යහපාලනය සහ බැංකුවේ සාර්ථකත්වය උදෙසා කළ මෙහෙවර ඇගයීමට ලක්කරමින් අරවින්ද පෙරේරා මහතා වෙත මෙම සම්මානය ප්රදානය කරන ලද බව කියයි. බැංකුව මුහුණදෙන අභියෝග සාර්ථක ලෙස ජය ගනිමින්, විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගනිමින්, බැංකු ක්ෂේත්රයේ සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමේ තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා ඒ මහතා බැංකුවට ලබාදුන් නායකත්වයේ සාර්ථකත්වයට මෙම සම්මානය මනා සාක්ෂියක් බවද ඔවුන් කියයි.
වසර 3කට වරක් පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලබන්නේ දැඩි තෝරාගැනීම් ක්‍රියාවලියකින් අනතුරුවය. ඒ නිසා මෙම සම්මාන ලොව ඕනෑම බැංකුකරුවෙකු වෙත හිමිවන ගෞරවණීයම සහ සුවිශේෂීම සම්මාන අතරින් එකක් ලෙසද සැලකෙයි.