2017 මැයි මාසයේ වර්තා වූ අපනයන ආදායම අඛණ්ඩව තෙවැනි මාසයටත් ඉහළ ගිය බවත්, එය පෙර වසරේ අනුරූප මාසයේ වාර්තා වූ ඇ.ඩො.මිලියන 780 අභිභවමින් ඇ.ඩො.මිලියන 841ක් දක්වා 7.8%ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අපනයන ආදායමේ මෙම වර්ධනය සඳහා කෘෂිකාර්මික අපනයන ඉහළම දායකත්වය දක්වා ඇති අතර, දෙවනුව කාර්මික අපනයන දායක වී තිබේ. ඒ අනුව, පොල් මද ආශ්රිත නිෂ්පාදන හැර අනෙකුත් සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනවල අපනයන ආදායම ඉහළ ගොස් ඇත.
එහිදී, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය 2017 ජනවාරි සිට මැයි දක්වා ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳ පොළ ලෙස පැවතී ඇති අතර, එම රටවල් සඳහා වූ කොටස 51%ක් බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.