කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් සංවිධානය කරන ලද අනාගත ගණකාධිකාරීවරුන් දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය 24දා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා වර්තමානයේදී එම ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසුන් 120ක් පමණ සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි ආයෝජන අවස්ථා හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී පුළුල් අවබෝධයක් ලබාදුන් අතර, ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව කොටස් වෙළෙඳ පොළ පවසයි.