අද පුවත්පත සෙඩ් අවෝඩ්ස් 2014 සම්මානයට පාත්‍ර වෙයි
'අද' ජාතික පුවත්පත 'සෙඩ් අවෝඩ්ස් 2014' ජාතික සම්මාන ප්රදානෝත්සවයේදී විශේෂ ඇගයීම් සම්මානයකට පාත්‍ර විය.
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කළ 'සෙඩ් අවෝඩ්ස් 2014' සම්මාන ප්රදානෝත්සවය අද (27දා) දිනයේ මීට සුළු මොහොතකට පෙර කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.
ව්‍යවසායකයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින්, ඔවුන්ට අවශ්‍ය දැනුම හා ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරමින්, මුද්‍රිත මාධ්‍යයෙන් ජාතික පුවත්පතක් ලෙස සිදුකරනලද මෙහෙවර උදෙසා 'අද' ජාතික පුවත්පතට මෙම විශේෂ ඇගයීම් සම්මානය පිරිනමා තිබුණි.
මෙම සම්මාන ප්රදානෝත්සවයේදී කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය හරහා අධ්‍යාපනය ලැබ ව්‍යාපාරික ක්ෂේත්රය තුළ සාර්ථකත්වයට පත් ව්‍යවසායකයන් 40 දෙනෙක් රන්, රිදී, ලෝකඩ හා නැගී එන ව්‍යවසාකයන් ලෙස සම්මානයට පාත්‍ර විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

