ලෝකයේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පවතින රාජ්‍යයන් සම්බන්ධ Doing Business 2015 ලෝක බැංකු වාර්තාවට අනුව ලෝකයේ රටවල් 189 ක් අතරින් ශ්‍රී ලංකාවට 99 වැනි ස්ථානය හිමිව ඇතර, එහිදී, දකුණු ආසියාවෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ පසුවුණේ 105 වැනි ස්ථානයේ වන අතර, මෙවර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව එහි ස්ථාන 6 ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
එහිදී, දකුණු ආසියාවේ ව්‍යාපාර ආරම්භ කිරීමේ පහසුම රාජ්‍යයන් ලෙස අඛණ්ඩව වසර තුනක් පුරා මෙම තත්ත්වය පවත්වාගෙන ඒමටත් ශ්‍රී ලංකාව සමත්ව තිබේ.