ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නවමු ව්‍යවසායකයන් සඳහා වන ප්‍රමුඛතම උලෙළ වන 'Disrupt Asia 2017' සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජූලි මස 12 වැනිදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA, පසුගිය වසරේදී Disrupt Asia සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී ලද සාර්ථකත්වය තුළින්, මේ වසරේදී ද ශ්‍රී ලාංකේය ව්‍යවසාය පද්ධතියේ වර්ධනය සහ ඉදිරි ගමන සඳහා සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි. විවිධ අංශ නියෝජනය කරන කීර්තිමත් දේශකයන්, උපදේශකයන්, ආයෝජකයන් මෙහිදී සිය අදහස් බෙදා හදාගැනීමට නියමිත අතර, නවෝත්පාදන නව ව්‍යවසාය කිහිපයක්ද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු මෙහිදී ප්‍රදර්ශනය කරන බව කියයි.
ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නන්ට ව්‍යවසාය පද්ධතියේ ප්රමුඛ පෙළේ ව්‍යවසායකයන්, ජනමත නායකයන් සමග මෙන්ම ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්ගේ ජාලය සමගද සම්බන්ධ වෙමින් සිය ව්‍යාපාරික ගමන්මගේ අනාගතය වඩාත් යහපත් කර ගැනීමට මෙම ප්‍රදර්ශනය මනා පිටිවහලක් වනු ඇති බව එහිදී අනාවරණය කෙරිණි.
නව ව්‍යවසායකයන් ප්‍රධාන පෙළේ සමාගම් සමග සම්බන්ධ කිරීම හරහා තරුණ පරපුරට අවශ්‍ය දැනුම ඔවුන්ට ලබාදීම ICTA ආයතනය මෙම ප්‍රදර්ශනය සමග සම්බන්ධ වීම තුළින් අපේක්ෂා කරන ප්‍රධානතම ඉලක්කය බවද ඔවුහු පවසති.