කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මේ වසරට වාර්තා වූ ශුද්ධ විදේශීය ආයෝජන අගය රු.බිලියන 22.8 ක් ලෙස වාර්තා වෙමින් කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ දැනට වාර්තා වී ඇති දෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්රමණය පසුගිය 10 වැනිදා වනවිට වාර්තා කර ඇත.
ඒ අනුව, ජූලි 10 වන සඳුදා වන විට බිඳ දමනු ලැබූයේ වසර 2013 දී රුපියල් බිලියන 22.7 ක් ලෙස වාර්තා වී තිබූ තෙවැනි ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගයයි.
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගය වන්නේ වසර 2012 දී වාර්තා වූ රුපියල් බිලියන 38.6 ක ශුද්ධ විදේශීය ආයෝජන ප්ර මාණයයි.