කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලයට 2017 නොවැම්බර් මස 21 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා තෝරාපත් කරගෙන තිබේ.
ප්රාග්ධන වෙළෙඳ පොළ සහ ආයෝජන කළමනාකරණය පිළිබඳව වර්ෂ 22කඅධික කාලයක පලපුරුද්දකින් යුතු ඩිල්ෂාන් වීරසේකර මහතා, වර්තමානයේදී First Capital Holdings PLC සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සහ ප්රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කරයි.