කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පසුගියදා පවත්වන ලද 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී දුමිත් ප්‍රනාන්දු මහතා එහි අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත්ව තිබේ.
දශක දෙකකපමණ කාලයක ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පලපුරුද්දක් හිමි ඒ මහතා, 2015 වර්ෂයේ සිට ඒෂියා සෙකියුරිටිස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමියකු ලෙසද කටයුතු කරයි.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලය සමාජික තැරැව්කාර සමාගම් විසින් පත්කර ගත් අධ්යක්ෂවරුන් 5දෙනකුගෙන් හා ශ්‍රී ලංකා රජය විසින් පත්කර ගත්අධ්යක්ෂවරුන් 4 දෙනකුගෙන්ද සමන්විත වේ.