ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මෝනිස් ගුණවර්ධන මහතා පසුගිය මාර්තු 02 වැනිදා වැඩභාරගත් බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඒ මහතා බලශක්ති පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම ගත්කතුවරයෙකු හා සරසවි ඇඳුරෙකු ලෙසද කටයුතු කළ තැනැත්තෙකු බවද එම සංස්ථාව පවසයි.
මහාචාර්ය මෝනිස් ගුණවර්ධන මහතා යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, ලෝක බැංකුවේ සහ GTZ යන ආයතනයන්හි සංවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය, කාම්බෝජය, ලාඕසය, නැමීබියාව යන රටවල වසර 30කට ආසන්න කාලයක් ඒ මහතා කටයුතු කර ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානය, ඔස්ට්‍රේලියානු සූර්ය බලශක්ති සභාව, ඇමෙරිකානු සූර්ය බලශක්ති සංගමය හා එක්සත් රාජධානියේ ව්‍යාපාර පිළිබඳ විධායක සංගමයේ වෘත්තීය සාමාජිකයෙකු මෙන්ම නැමීබියානු ජනාධිපතිතුමාගේ ජාතික සැලසුම් අධිකාරියේ සාමාජිකයෙකු ලෙසද, නැමීබියානු තත්ත්ව පාලන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද හෙතෙම කටයුතු කර ඇති බව කියැවෙයි.
ඉංග්‍රීසි භාෂාවෙන් රචිත World Energy System, Why not Solar Electricity, Solar Energy Powers the poor, Nuclear Energy For Socioeconomic Development, AIDS and Abstinence, AIDS and Science, AIDS Dictionary හා Ama – a girl who powered village Solar Electricity යන කෘතීන් රචනා කර ඇති මහාචාර්යවරයා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රචලිත ගත් කතුවරයෙකුද වෙයි.