CIMA ප්රත්යෙක අධ්‍යයන (Case Study) විභාගය පසුගිය පෙබරවාරි මස පැවති අතර, එහිදී ගෝලීයව උසස් ප්‍රතිඵල අත්කරගත් සිසුන් අතරට පිවිසීමට ශ්‍රී ලාංකේය CIMA සිසුන් තිදෙනෙකු සමත් වී ඇත. මෙම ජයග්‍රහණ ලබාඇත්තේ කළමනාකරණ ප්රත්යෙක අධ්‍යයන (Management Case Study) විභාගයට පෙනී සිට පිළිවෙළින් ගෝලීය මට්ටමේ දෙවැනි සහ අටවැනි ස්ථානය හිමිකර ගත් සුවේධා අමේන්ද්රන් සහ චලනි වෙදගේ හා මෙහෙයුම් ප්රත්යෙක අධ්‍යයන (Operational Case Study) විභාගයට පෙනී සිටි ගෝලීය මට්ටමේ නව වැනි ස්ථානය අත්කර ගත් තස්මිලා රත්නායක යන සිසුවියන්ය.
මෙම ජයග්‍රහණ සහ එම මාසයේදී පවත්වන ලද CIMA විභාගයන් හිදී ශ්‍රී ලංකාවේ සිසුන් ඉතා විශාල පිරිසක් විභාගය සමත් වීමත් යන සිදුවීම් දෙක හේතුවෙන් CIMA විභාගයන් හිදී ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි පිරිසක් ලෙස ශ්‍රී ලාංකේය සිසුන් වෙත හිමිව තිබූ කීර්ති නාමය යළිත් අත්කර ගැනීමේ අවස්ථාව උදා වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.