CIMA වෘත්තීමය සුදුසුකම මගින් ව්‍යාපාරයන් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව ඇති සමෝධානික සිතිවිලිවලින් අනූන සුදුසුකම්ලාභීන් බිහිවන බවට ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් 'තිරසාර ව්‍යාපාර සඳහා සමෝධානික චින්තනය' යන තේමාවෙන්, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය - CIMA සිය ඉතිහාසයේ මෙතෙක් පවත්වනලද විශාලතම උපාධි ප්රදානෝත්සවය පසුගියදා පවත්වනු ලැබීය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලද මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සහභාගී විය. මෙම උත්සවයේදී CIMA විභාග සියල්ල සම්පූර්ණ කරනලද සිසුන් 467 ක්, ආශ්රිත සාමාජිකයන් (Associate Members) 296 ක් සහ සහෝදරත්ව සාමාජිකයන් (Fellow Members) 11 ක් විසින් සිය ජයග්‍රහණ සමරන ලදී.