වර්තමානයේදී CIMA යන නමින් කා අතරත් ප්‍රචලිත කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය, වසර 1919 දී එක්සත් රාජධානියේදී ආරම්භ කෙරුණු අතර, එවකට එය හඳුන්වන ලද්දේ පිරිවැය සහ ක්‍රියාකාරී ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (Institute of Cost and Work Accountant) ලෙසිනි. 1965 වසරේදී එවකට ශ්‍රී ලංකවේ වාසය කළ එම ආයතනයේ සාමාජික පිරිසක් එක්ව පිරිවැය සහ ක්‍රියාකාරී ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ලංකා සංගමය (Association of Institute of Cost and Work Accountant Ceylon) පිහිටුවා ගන්නා ලදී. CIMA ශ්‍රී ලංකා ආයතනයේ සමාරම්භය වූ මෙම සිදුවීමට අඩ සියවසක් සපිරෙන මේ මොහොතේ එම ඓතිහාසික සිදුවීම සමරනු වස් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය සහ තැපැල් සේවා අමාත්‍යාංශය විසින් 2015 සැප්තැම්බර් 24 වැනිදා මුල් දින කවරයක් නිකුත් කරන ලදී.
සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම උත්සවයට, මුදල් අමාත්‍ය රවි කරුණානායක, නියෝජ්‍ය තැපැල් සේවා අමාත්‍යවරයා, CIMA ආයතනයේ සභාපතිනී මේරියම් මැඩ්න්, එම ආයතනයේ ප්‍රධාන විධායක අධ්යක්ෂ චාර්ල්ස් ටිලී යන මහත්ම මහත්මීන් සහ CIMA ආයතනයේ හිටපු අධ්යක්ෂවරු පිරිසක්ද සහභාගි වූහ.