සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය (CIFL) වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරනලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීම සම්බන්ධයෙන් ඊයේ (05දා) නිකුත් කරනලද පුවත්පත් නිවේදනය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැහැදිලි කරයි.
2017.1205 වැනි දින පුවත්පත් නිවේදනයක් මගින් මහජනතාව වෙත දැනුම්දුන් පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයෙහි සියලුම රක්ෂිත තැන්පතුවලට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ දුවශීලතා ආධාරක යෝජනා ක්රමයෙහි රෙගුලාසි අනුව තැන්පත්කරුවෙකු සඳහා රු.600,000/- ක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.