වෙළෙඳ ප්රචාරණයේ ඔලිම්පික් උලෙළ ලෙස විරුදාවලිය ලත් ප්‍රංශයේ Cannes Lions ජාත්‍යන්තර උලෙළේ අංගයක් වන Young Lions Competition හා Roger Hatchuel Academy සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ සන්නිවේදන වෘත්තිකයන් 09 දෙනෙකු තෝරාගෙන තිබේ.
ඒ අනුව, 60 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ තරගයක් මගින් මෙම 09 දෙනා තෝරාගැනීම සිදුකෙරුණු බව එය සංවිධානය කළ Metal Factor ආයතනය කියා සිටියි. ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරණ සංගමය (IAA), පිළිගත් වෙළෙඳ නියෝජිත ආයතන සංගමය (4As) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හි සහාගීත්වය සමගින් මෙම තරගය පැවැත්වුණි. ඒ අනුව මෙම ජයග්‍රාහකයන් මෙම මස අගදී ප්‍රංශයේ දී පැවැත්වෙන මෙම Cannes Lions ජාත්‍යන්තර උලෙළේදී තමන්ගේ අදාළ අංශය තුළ ලොව හොඳම කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතව සිටින බව කියයි.