කාංචන දසනායක (චීනයේ සිට)
13 වැනි චීන ආසියාන් වෙළද ප්‍රදර්ශනය (CAEXPO) හෙට (11දා) චීනයේ නැන්නින්ග් හිදී ආරම්භ වීමට නියමිතය. මෙවර ප්රදර්ශනෙය් විශේෂ ආරාධිත රටවන ශ්‍රී ලංකාව කෙරෙහි මෙවර සමුළුවේ වැඩි අවධාන යොමුව තිබේ.
13 වැනි ප්‍රදර්ශනය සඳහා ආසියාන් කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ කසකස්ථානය ඇතුළු ආසියානු රටවල්ද සහභාගී වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කලාපය වර්ග මීටර 105 ක් වන අතර ප්‍රදර්ශන කුටි 50 කින් සමන්විත වේ. කෘෂි නිෂ්පාදන, අත්කම් හා ආහාර නිෂ්පාදනය ප්‍රධාන ප්‍රවර්ධන අංශ ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කලාපයේ දැකගත හැකිය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බද්යුදීන් මහතා ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයෙකු සහභාගී වන අතර ඔහු හෙට දිනයේ පැවැත්වෙන සමාරම්භක උළෙලේදී සමුළුව ඇමතීමටද නියමිතය.
මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනකුටි 5800 කින් සමන්විත අතර වර්ග මීටර 129,500 ක පමණ කලාපයක් ප්‍රදර්ශන කුටි සදහා වෙන් කර ඇති බද අද (10දා) පැවති මාධ්‍ය හමුවේදි චීන වානිජ අමාත්‍යංශයේ වෙළඳ සංවර්ධන බියුරෝවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වූ ටොන්සි යෝ මහතා පැවසීය.
ලොව පුරා රටවල් 18 ක මාධ්‍ය ආයතන 255 ක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදින් 1434 ක් මෙවර ප්‍රදර්ශනය ආවරණය කිරීමට සූදානමින් සිටිති. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුවිශේෂී පහසුකමින් යුතු මාධ්‍ය මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කර ඇති බව බව CAEXPO ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් යැන්ග් යන්යාන් මහත්මිය මෙම මාධ්‍ය හමුවේදි අනාවරණය කළාය.