අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ BIZ+ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් පසුගාමී ප්‍රදේශවල කුඩා ව්‍යවසායවලට දළ වශයෙන් රු.බිලියන 1.42ක් (ඇ.ඩො.මිලියන 9.8ක්) ලබාදී ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන් වන නිෂා බිස්වාල් සහ ටොම් මැලිනොවුස්කි ඊයේ (14දා) සීමාසහිත අරුම්බුගල් (ගරන්ට්) පදනමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය. මෙය ශ්‍රී ලංකාව පුරා ආර්ථික වර්ධනය ආධාර කරන USAID හි විවිධ ව්‍යාපෘතිවලින් එකක් බවත්, සංචාරක හා ප්‍රවාහන ව්‍යාපාර පිහිටුවීමට, ආබාධ සහිත පුද්ගලයන්ට පුහුණුව හා රැකියා ලබාදෙන මෙම පදනම USAID හි BIZ+ වැඩසටහන යටතේ රු.මිලියන 18ක (ඇ.ඩො.142,000 ක පමණ) ආධාර මුදලක් ලබාදී ඇති බවද එම කාර්යාලය පවසයි.
මෙම අවස්ථාවට එක්වූ නිෂා බිස්වාල් පවසා සිටියේ, "මෙය එක්සත් ජනපද - ශ්‍රී ලංකා සහයෝගීතාව, රටේ මිනිසුන්ගේ සැබෑ වෙනසක් කරන ආකාරය පෙන්වන එක් උදාහරණයක් වෙනවා. මේ ආකාරයේ රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘති මගින් ආබාධ සහිත පුද්ගලයන්ට ස්වාධීනව ජීවත්වීමේ ක්‍රමයක් ලබාදීමෙන්, ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කෙරෙනවා" යනුවෙනි.