BIA නඩත්තු- ශ්‍රී ලංකන් කාලසටහන වෙනස්කරයි
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේමාස තුනක කාලයක් පුරා සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වල සහ ගුවන් ගමන් කාලසටහන තුළ සිදුවන වෙනස්කම් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 2017 ජනවාරි මස 6 වෙනි දා සිට අප්‍රේල් මස 6 වෙනිදා දක්වා දිනපතාපැය 0830 සිට පැය 1630 දක්වානඩත්තු කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව සිය මගීන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව කාලසටහන ඉදිරිපත් කර තිබේ.
පහත සඳහන් ගුවන් ගමන් අවලංගු කර ඇත.කෙසේ වෙතත් අදාල ගමනාන්ත වෙත එම දිනයන්හීදීම වෙනත් කාලසටහනක් යටතේ නොනවත්වා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙහෙයුම් සිදුකරනු ඇති බවද කියයි.
- UL308 කොළඹ- සිංගප්පූරුව සහ UL309 සිංගප්පූරුව -කොළඹ
- UL127 කොළඹ- චෙන්නායි සහ UL122 චෙන්නායි -කොළඹ
- UL133 කොළඹ- ට්‍රිචි සහUL132 ට්‍රිචි -කොළඹ
- UL115 කොළඹ- මාලේ සහ UL102 මාලේ -කොළඹ
- UL167 කොළඹ- කොචින් සහ UL166 කොචින් -කොළඹ
- UL173 කොළඹ- බැංගලෝර් හා UL174 බැංගලෝර් -කොළඹ
පහත සඳහන් ගුවන් ගමන් වාර සඳහා විකල්ප කාල සටහනක් ඉදිරිපත් කර ඇත.
- UL868 කොළඹ- බීජිං
- UL866 කොළඹ- ෂැංහයි .
- UL402 කොළඹ- බැංකොක් සහ UL403 බැංකොක් -කොළඹ
- UL318 කොළඹ- ක්වාලාලම්පූර් හා UL319ක්වාලාලම්පූර් -කොළඹ
- UL306 කොළඹ- සිංගප්පූරුව සහ UL307 සිංගප්පූරුව -කොළඹ
- UL161 කොළඹ- ට්‍රිවෙන්ඩ්‍රම් හා UL162 ට්‍රිවෙන්ඩ්‍රම් –කොළඹ
- UL195 කොළඹ- නව දිල්ලිය හා UL196 නව දිල්ලිය -කොළඹ
- UL183 කොළඹ- කරච්චි හා UL184 කරච්චි -කොළඹ
- UL503 කොළඹ- ලන්ඩන් සහ UL504 ලන්ඩන් -කොළඹ (ජනවාරි මස05 වෙනිදා සිටUL504 සිටලන්ඩන් - මාලේ - කොළඹලෙස ක්‍රියාත්මක වනු ඇත )
- UL281 කොළඹ- ජෙඩා හා UL282 ජෙඩා -කොළඹ
මේ වනවිට ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ඇති ගුවන් මගීන්ටඉහත සඳහන් ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් විකල්ප මාර්ග සැකසුම් සහ විස්තර මෙන්ම සංශෝධිත වේලාවන් ළඟම සිටිනසංචාරක නියෝජිතගෙන් හෝ ශ්‍රීලංකන් ගුවන් සමාගමේප්රවේශ පත්‍ර විකුණුම් කාර්යාලයෙන් ලබාගත හැකි බවද පෙන්වා දෙයි.
ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු හේතුවෙන් තම ගුවන් මගීන්ට සිදුවන මෙම අපහසුතාවය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම කනගාටුව ප්‍රකාශකර සිටියි. මෙම කාලය තුළ දී ශ්‍රීලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සඳහා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන අපහසුතාවය බලපානු ඇත. ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු නොකරන හෙයින් ගුවන් තොටුපළේ සිදුවන නඩත්තු කටයුතු සම්බන්ධයෙන් ගුවන් සමාගම වෙත කිසිදු වගකීමක් නොමැති බවද එම සමාගම දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

