ඇඟලුම් ක්ෂේත්රයේ සියලුම සැපයුම්කරුවන් සහ සේවා සම්පාදකයන් එකම වහලක් යටට ගෙනඒම අරමුණු කරගත් ඇඟලුම් ක්ෂේත්‍ර සැපයුම් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX 2016) 09 වැනිදා ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනයේදී ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් ඇඟලුම් යන්ත්‍රෝපකරණ, අමතර කොටස් සහ සේවා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙයි.
ජුනි මස 09 සිට 11 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) හැදී පැවැත්වෙන AISEX 2016 ප්‍රදර්ශනය සී/ස ලංකා එක්ස්බිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් (පෞද්.) සමාගම විසින් සංවිධානය කරන ලදී.
එමෙන්ම, මෙය ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයේ (Sri Lanka Apparel Institute - SLAI), ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum –JAAF) සහ ශ්‍රී ලංකා විලාසිතා සහ ඇඟලුම් ආයතනයේ (Sri Lanka Institute of Textile and Apparel) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති බවද පවසයි.