ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හිදී අද (04) ආරම්භ විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති.
සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වී සිටිති.