ADB වෙතින් ඩො.මිලියන 270ක මූල්‍යාධාරයක්
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සමග ඇ.ඩො.මිලියන 270ක් වටිනා ණය ගිවිසුම් 3ක් සඳහා අත්සන් තබන ලදී.
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වැනි මූල්‍යයන අදියර සඳහා අවශ්‍ය ආයෝජන වෙනුවෙන් ඇ.ඩො.මිලියන 150ක ණය මුදලක් ලබාගෙන ඇති අතර, යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අතිරේක මූල්‍යයන පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන වෙනුවෙන් ඇ.ඩො.මිලියන 120ක ණය මුදලක් ලබාගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වැනි මූල්‍යයන අදියර සහ යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය- අතිරේක මූල්‍යයන යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.ඩො.මිලියන 270ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්ද ණය ගිවිසුම් 03 කට මුදල් හා ජනමාධ්යආය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලද බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


