ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් අමාත්‍යවරුන්ගේ 49 වැනි සමුළුවේ පළමු සාකච්ඡා වටය පසුගිය 02 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහභාගී වූ අතර, මෙසේ ශ්‍රී ලංකාවට ආරාධනා ලැබීම සූවිශේෂී අවස්ථාවක් බව මුදල් අමාත්‍යාංශය කියයි.
මෙහිදී ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ සුවිශේෂීත්වය සහ රට තුළ සිදුව ඇති නව වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් පළ වී තිබේ.