ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ (AAT Sri Lanka) දින දර්ශනයේ කැපීපෙනෙන අංගයක් වන 13 වැනි වාර්ෂික සමුළුව ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
'Fast Tracking Financial Success' යන තේමාව යටතේ 2015 ඔක්තෝබර් මස 12 වැනි දින සන්ධ්‍යාවේදී එළිදැක්වෙන සම්භාවනීය සමාරම්භක උලෙළෙ හි ප්‍රධාන දේශනයන්ට අමතරව සහභාගීවන්නන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරගැනීමට හැකියාව පවතින බවද ඔවුන් පවසයි. එසේම ඔක්තෝබර් මස 13 වැනිදා දිනය පුරා වාර්ෂික සමුළු තේමාව පාදක කොටගත් දැනුම් සැසි කිහිපයක් පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණ සම්පත්දායකයන් 16 දෙනෙක් සහභාගීවීමට නියමිත බවද කියයි.
මෙම සමුළුවට සහභාගිවීම තුළින් සහභාගීවන්නන්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කරගත හැකිවන අතර කුසලතා සංවර්ධනයටද අවස්ථාව උදාවන බවද ඔවුන් කියයි. එසේම මෙම සමුළුව හරහා AAT Sri Lanka සාමාජිකයන්ට සුහදත්වය වර්ධනය කරගැනීමටද ඉඩප්රස්ථාව සැලසෙන බවද පෙන්වා දෙයි.