වෙළෙඳ පොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක්දින පොලී අනුපාතික අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබියදී, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන ණය ලබාදීමේදී අධික පොලී අනුපාත අය කිරීම මහ බැංකුවේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
විශේෂයෙන්ම තැන්පතු සඳහාද ඉතා ඉහළ පොලී අනුපාත මෙම ආයතන විසින් පවත්වාගෙන යන බවත්, මනාලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වාගෙන යනු ලබන වටපිටාවක, මෙරට මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේදී අධික බවද මහ බැංකුව පවසයි.
ඒ අනුව, මෙම බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ පොලී අනුපාත පහත දමන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර, ඒ හරහා මුදල් ප්‍රතිපත්ති සම්පේෂණය කඩිනම් කිරීමට සහ එම මූල්‍ය ආයතන විසින් සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයන් වෙත ණය ලබාදීම්දී අය කරන පොලී අනුපාත පහළ හෙලීම මගින් මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ.