රටේ ආර්ථිකයට සුවිශාල දායකත්කයක් ලබාදෙන සහ මිලියනයකට වඩා ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත විගණන ප්රමිතීන් හඳුන්වාදීම එම ක්ෂේත්රය විධිමත් කිරීමට හා යහපත් සාධාරණ වෙළෙඳ පොළක් බිහිකිරීමට හේතු වෙයි.
කොළඹ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විගණන ප්රමිතීන් හඳුන්වාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ සම්බන්ධයෙන් තම අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලබාදෙන බව පවසා සිටියේය.. ඒ අනුව, මෙම උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් විගණන ප්රමිතීන් හඳුන්වාදීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට මාගේ ස්තූතිය පිරිනමනවා. මෙහිදී, සිදුවන්නේ නිශ්චිතව දක්වා නොමැති ව්‍යාපාරික ආයතනයන්හි (Non Specified Business Enterpises – Non SBE) විගණන කටයුතු සිදුකිරීමයි. මෙහිදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හි ගිණුම්කරණය ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ වගේම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය ශක්තිමත් කිරීම වගේම, අවිධිමත් ක්ෂේත්‍ර විධිමත් කිරීමටපියවර ගැනීම අපේ අමාත්‍යාංශයේ වගකිමක් වෙනවා. එසේම, ලෝක බැංකුවට අනුව රටක මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මකභාවය එකී රටේ අරමුණු වැඩිදියුණු කිරීමටත්, ආයෝජන වර්ධනය කිරීමටත්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් හේතු වෙනවා. ඒ නිසා ලෝක බැංකුව පවා මෙම වැඩපිළිවෙළ සංසන්දනාත්මකව වර්ධනය කිරීම ගැන හා ජාතික ගිණුම්කරණහා විගණන ප්‍රමිති, ගෝලීය ගිණුම්කරණ ප්රමිතීන් සමග ගැලපීම වෙනුවෙන් උදව්ක රනවා. ඒ නිසා මේ නොවිධිමත් ක්ෂේත්රය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද ඇතුළත්ව ජාත්‍යන්තර වෙළෙඳ පොළට පිවිසීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇති.
අප අමාත්‍යාංශය විසින් සංවර්ධනය කර එළිදැක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව සේවකයන් 10ට අඩුවෙන් සිටින ව්‍යවසායකයන් ක්ෂුද්‍ර ව්‍යවසාය (Micro) ලෙසත්, සේවකයන් 10 - 50 දක්වා සේවය කරන ව්‍යවසායන් කුඩා පරිමාණ (Small Scale) ව්‍යාපාර ලෙසත්, සේවකයන් 51 - 300 දක්වා සේවය කරන ආයතන මධ්‍ය පරිමාණ (Medium Scale) ව්‍යපාර ලෙසත් හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ආර්ථිකයේ විශාල කොටසක් සිටින්නේ මෙවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව කිව යුතුයි. අප රටේ මිලියනයක් පමණ ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිටිනවා. මේ ප්‍රමාණය සමග ලියාපදිංචි නොවි සිටින ව්‍යවසායකයනුත් එකතු කර ගෙන විධිමත් වැඩපිළිවෙලක් යොදා ගතහොත් අපගේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනය (GDP) පැහැදිලි ලෙසම වර්ධනය කරගැනීමට පුළුවන්. ඒ වගේම, අපේ ආර්ථිකයේ නොවිධිමත් උපක්ෂේත්‍රයක් වන %සමාජ ව්‍යාපාර^ (Social Enterprises) දෙසට වරලත් ගණකාධිකාර ආයතනය අවධානය යොමුවිය යුතුයි. මේ ආකාරයේ ලියාපදිංචි කළ කුඩා හා මධ්‍ය පරිමාණ සමාජ ව්‍යවසායකත්ව ආයතන 11,000ක් පමණ තියෙනවා. මේවා යහපත් වෙළෙඳ පොළ හෙවත් Good Market ලෙස සන්නාම නාමයන්ගෙන් හැඳින්වෙනවා. මේ පිළිබඳව මගේ අමාත්‍යාංශය දැනටමත් අවධානය යොමුකර වැඩපිළිවෙලක් සකස් කර තියෙනවා. ඒ අනුව ඒවාටත්, විගණන ප්රමිතීන් හඳුන්වා දෙමින් විධිමත් ව්‍යාපාරික ක්ෂේත්රයක් බිහිකිරීමට පියවර ගැනීම කාලෝචිතයි." යනුවෙනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ජගත් පෙරේරා සහ එහි හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.