ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) නව සභාපති ලෙස ජේ.ටී.එස්.පී.කාරියවසම් මහතා පත්කර තිබේ.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී අද (20දා) දින කාරියවසම් මහතා අදාල පත්වීම් ලිපිය භාරගන්නා ලදී.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සහ කේරි විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු වන කාරියවසම් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඒ මහතා වෘත්තියෙන් නීතීඥයෙකි. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති වශයෙන් මෙන්ම, රාජ්‍ය ආයතන ගණනාවක උසස් තනතුරු හෙබවූ කාරියවසම් මහතා, පොල් සංවර්ධන අධිකාරියේ සහ තේ ශක්ති අරමුදලේ හිටපු සභාපතිවරයෙකි. එමෙන්ම, කාරියවසම් මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්යක්ෂ වශයෙන්ද දිගු කලක් සේවය කොට අත්දැකීම්වලින් පරිණත පුද්ගලයෙකි
කාරියවසම් මහතා ඉදිරි දිනයකදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.