NVQ (ජාතික වෘත්තීය කුසලතා) සුදුසුකම් ලත් පුද්ගලයන් පිළිබඳ දීප ව්‍යාප්ත සම්පත් සංචිතයකට පිවිසුම සලසමින් විද්‍යා, තාක්ෂණ, වෘත්තීය පුහුණු හා කුසලතා සංවර්ධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය 'නිපුනි රැකියා බැංකුව' දියත් කර තිබේ.
සුදුසුකම්ලත් යෞවනයන්ට නව මංපෙත් විවෘත කරදීම සහ මූල්‍යමය වශයෙන් ස්ථාවර අනාගතයක් සාක්ෂාත් කරදීම අරමුණු කරගෙන 'නිපුනි රැකියා බැංකුව' දියත් කිරීම නිවේදනය කරනු වස් අමාත්යෙ ආචාර්ය සරත් අමුණුගම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා සෙත්සිරිපාය පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් සංවිධානය විය.
සිට්‍රා සෝෂල් ඉනොවේෂන් ලැබ් ආයතනය විසින් සැලසුම් කර ඇති නිපුනි රැකියා බැංකුව NVQ 2 වැනි මට්ටමේ සිට 7 වැනි මට්ටම දක්වා සහතික ලත් පුද්ගලයන්ගේ තොරතුරු පිළිබඳ එකතුවක් වනු ඇති බව කියයි.
ඒ අනුව, සේවා යෝජකයන්ට 'නිපුනි රැකියා බැංකුව' හරහා NVQ සුදුසුකම් ඇති පුද්ගලයන් පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගෙන තමාගේ උවමනාවන්ට සරිලන පුද්ගලයන් තෝරා තවදුරටත් වෙහෙසක් නොමැතිව ඔවුන් බඳවා ගැනීමට හැකිවන බව සඳහන් වෙයි. එහිදී, ඊමේල් මගින් හෝ කාර්යාල පරිශ්‍රයට පෞද්ගලිකව පැමිණ ඉල්ලීමක් කිරීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර, 'නිපුනි රැකියා බැංකුවට' තොරතුරු රැස් කිරීම සඳහා දිවයිනේ තෘතීය අධ්‍යාපනය සපයන සියලුම ආයතන සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම මෙන්ම, සේවා ලාභීන්ගේ පහසුව සඳහා එම තොරතුරු දිගටම යාවත්කාලීන කරමින් පවත්වාගෙන යෑම සිදුවන බවද කියයි. පොදු වෙබ් වේදිකාවක් මගින් සම්බන්ධිත ආයතනවලට එක් එක් පුද්ගලයන් පිළිබඳ විස්තර යාවත්කාලීන කිරීමට හැකිවන පරිදි 'නිපුනි රැකියා බැංකුව' නවතම පහසුකම් රැසක් සපයනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.