ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) විසින් “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” මැයෙන් මහජන සාකච්ඡාවක් හෙට (19දා) සවස 6.00 සිට ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවණාගාරයේදී පවත්වන බව දැනුම් දෙයි.
MCC (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ශ්‍රී ලංකා ගිවිසුම ආසන්න කාලසීමාමේදී බහුලව විවාදයට තුඩු දෙන මාතෘකාවක් බවට පත්වීමත්, මෙය එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පැහැර ගැනීමට දරණ උත්සාහයක් යැයිද, තවත් පිරිසක් එය ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය උදෙසා හිමිවන මහඟු අවස්ථාවක් යැයිද ගුණ අගුණ පැවසීමත් මෙවැනි සංවාදයකට හේතුපාද වී ඇත.
2019 අප්‍රේල් 25 වැනි දින MCC අධ්යක්ෂ මණ්ඩලය පස් අවුරුදු ශ්‍රී ලංකා ගිවිසුම අනුමත කළ අතර, එය දැනට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව, ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවනාගාරයේදී “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” පිළිබඳව රජයේ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් හමුවේ සාමන්‍ය ජනතාවට ප්‍රශ්න හා ගැටළු මතු කිරීමට අවසිථාවක් Advocata ආයතනය විසින් සපයනු ඇත.
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ, මහා මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධිවේගී මාර්ග සැලසුම් නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය සමන් විදානපතිරණගේ සහ හිටපු නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල් සරත් ජයතිලක යන මහත්වරු MCC - ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තාක්ෂණික කරුණු ඉදිරිපත් කරන කථිකයන් අතර වෙති.
මෙම මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට සහ ශ්‍රී ලංකා - MCC ගිවිසුම පිළිබඳ ප්‍රශ්වලට පිළිතුරු ලබාදීමට මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් සහ MCC ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය අධ්‍යක්ෂිකා ජෙනර් එඩල්මන් (ප්‍රශ්න සහ පිළිතුරු වටය සඳහා) යන මහත්ම මහත්මීන්ද විද්වත් සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.
මෙය විවෘත වැඩසටහනක් වන අතර වැඩි විස්තර සඳහා www.advocata.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.