Janashakthi Life වෙත 2025 දී රු.බිලියන 3.42ක ශුද්ධ ලාභයක්
රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, 2025 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ.
මෙම කාලපරිච්ඡේදය තුළ නව ජීවිත රක්ෂණවල 67% ක වර්ධනයක් සමග වාරිකවල මුළු එකතුව (Gross written premiums) රු.බිලියන 8.65 දක්වා 31% කින් වර්ධනය කරගැනීමට සමාගම සමත් වී ඇති අතර, මෙය Janashakthi Life මෙරට රක්ෂණ ක්ෂේත්රය තුළ වේගයෙන් දියුණු වන ජිවිත රක්ෂණ සමාගමක් බවට පත් වී ඇති බවට මනා සාක්ෂියකි.
ශක්තිමත් ප්රාරක්ෂණ ක්‍රියාවලීන්, සුපරීක්ෂාකාරී ආයතනික පාලනය සහ මෙහෙයුම් ක්‍රියාවලීන් කාර්යක්ෂමව ප්‍රතිනිර්මාණය කිරීම ඔස්සේ, රු.බිලියන 3.95ක ශක්තිමත් බදු ගෙවීමට පෙර ලාභයක් සහ රු.බිලියන 3.42ක බදු ගෙවූ පසු ශුද්ධ ලාභයක් සමග ශක්තිමත් ලාභදායීත්වයක් වාර්තා කිරීමට සමාගම සමත් විය. එමෙන්ම 2025 වසර තුළදී සිය බෙදාහැරීමේ නාලිකා පුළුල් කරමින් ඩිජිටල්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමටද සමාගම කටයුතු කළේය.
සමාගමේ වත්කම්වල මුළු වටිනාකම 6%කින් වර්ධනය වී රු.බිලියන 40.3ක් ලෙස වාර්තා වූ අතර, එය සමාගමේ මූල්‍ය තත්වය ශක්තිමත් කරමින් අනාගත වර්ධනයට මහෝපකාරී වන සවිමත් අඩිතාලමක් ලෙස හැඳින්විය හැක. 2025 වසර තුළ සමාගම විසින් ගෙවන ලද හිමිකම් සහ ප්රතිලාභවල මුළු වටිනාකම රු.බිලියන 3.6ක් වූ අතර, එය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් සම්බන්ධ වගකීම් සපුරාලීම සඳහා Janashakthi Life සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.
"Janashakthi Life සමාගමේ ක්‍රමෝපායික සාර්ථකත්වය සහ විධිමත් මූල්‍ය කළමනාකරණයේ ශක්තිය 2025 වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය මඟින් මැනැවින් පිළිබිඹු වෙනවා. වාරික ආදායම අඛණ්ඩව වර්ධනය වීම, ලාභදායීත්වය ඉහළ මට්ටමක පැවතීම සහ වත්කම් වටිනාකම ඉහළ යාම මඟින් තවදුරටත් පෙනී යන්නේ, ඉතා හොඳ ප්‍රාග්ධන සැපයුමක් සහිත සමබර ව්‍යාපාරයක් වශයෙන් අඛණ්ඩව දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීමට සමාගමට හැකියාව ඇති බවයි.” යනුවෙන් Janashakthi Life සමාගමේ සභාපති අනිකා සේනානායක මහත්මිය පැවසුවාය.
"බෙදාහැරීම, නිෂ්පාදන නවෝත්පාදනය සහ සේවා එකතුව කළමනාකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීම තුළින් 2025 වසර තුළ මෙබඳු කාර්ය සාධනයක් වාර්තා කරගැනීමට අපට හැකි වුණා. නව ජීවිත රක්ෂණ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම සහ තිරසාර ලාභාදායීත්වය තුළින් පිළිබිඹු වන්නේ, අපගේ මෙහෙයුම් ආකෘතියේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවතින බවයි. ඉදිරියේදී වගකීම් සහගත ලෙස අපගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි වැඩියෙන් ප්රතිලාභ හිමි කරදීමට අප බලාපොරොත්තු වනවා.” යැයි Janashakthi Insurance PLC හි අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.
ඉදිරියේදී තවදුරටත් තම වෙළෙඳපොළ ආවරණ පරාසය පුළුල් කිරීම, ප්‍රාග්ධන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුකූල රක්ෂණ විසඳුම් හඳුන්වා දීම යනාදිය Janashakthi Life සමාගමේ අරමුණු අතර ඉදිරියෙන්ම පවතින බවත්, JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ශක්තිය සහ අනාගත දියුණුව සම්බන්ධ පැහැදිලි න්‍යාය පත්‍රයක් තුළින් පන්නරය ලබමින් ඉදිරි කාලය තුළදීත් අඛණ්ඩව මෙවැනි සාධනීය ප්‍රතිඵල වාර්තා කිරීමට සමාගමට හැකියාව තිබෙන බවත් රවී ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
