ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් ස්ර්විසස් පීඑල්සී යන ආයතවන ව්‍යාපාර කටයුතු පසුගිය ජූලි 13දා සිට බලපැවත්වෙන පරිදි තහනම් කිරීමෙන් අනතුරුව එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ජූලි 25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදුකෙරෙනු ඇත. මෙහිදී එක් තැන්පත්කරුවෙකු සඳහා රු.ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදෙනු ඇත.
මෙම වන්දි මුදල් අයදුම් කිරීමේදී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගෙන්/තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් මහ බැංකුව ඉල්ලා සිටියි.
මහජන බැංකුව 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703
ශ්‍රී ලංකා මහ බැංකුව - 0112-398788, 0112-477261