ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශනයක් වන EDEX EXPO 2018 වසර මැද ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 8 සහ 9 යන දිනයන්හිදී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශන අතරට දැවැන්ත අත්දැකීම් රැසක් එකතු කරන මෙම ප්‍රදර්ශනය සඳහා සහාභාගීවන්නන්ට සිය වෘත්තිය හා තෘතීයික අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමට උපකාර වන සේවා සහ පූර්ණ හා අර්ධ වශයෙන් පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබාගැනීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක් බව මේ පිළිබඳ දැනුවත් කරමින් පසුගියදා කොළඹ රාජකීය විද්‍යාල, RCU නිපුණතා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණි.
මෙවර ප්‍රදර්ශනයේ ප්ලැටිනම් සහකරු ලෙස CIRP, ඩයමන්ඩ් සහකරු ලෙස Mercury Institute, රන් සහකරුවන් ලෙස CINEC සහ UCL යන ආයතනවල අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ලංකා සේවායෝජකයන්ගේ සංගමය හා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන සංගමය උපාය මාර්ගික සහාය ලබාදෙන බව
ද්විතීයික අධ්‍යාපනයෙන් පසුව තරුණ තරුණියන් නැඹුරු විය යුත්තේ කවර අංශ සඳහාද යන්න උපදෙස්, වෘත්තීය පුහුණු හා රැකියා අවස්ථා ලබාදෙන දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල 100ක් නියෝජනය කරමින් ආයතන 70කට අදාළ අධ්‍යාපන කුටි 150ක් EDEX EXPO හි ස්ථාපිත කර ඇති අතර, මෙහි වටිනාකම තවදුරටත් වැඩිකරමින් ජර්මනිය, හංගේරියාව, රුසියාව, තායිලන්තය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල විශ්වවිද්‍යාලයන්හි සෘජු හෝ දේශීය නියෝජිතයන් ප්‍රදර්ශනය සඳහා සහභාගී වන බව ඔවුහු පවසති.
මීට අමතරව, ආර්ථීකයේ වඩාත් වැදගත් අංශ නියෝජනය කරමින් ප්‍රමුඛතම ආයතනයන්හි කුටි 15කට වැඩි ප්‍රමාණයකින් සමන්විත EDEX රැකියා පොළ, රැකියා සොයන්නන්ට රැකියා ප්‍රවර්ධකයන් මුණගැසීමට මහඟු අවස්ථාවක් සපයන බවද කියයි. තවද ප්‍රදර්ශනය තුළදී රැකියා අවස්ථා සඳහා ලබාදෙන මාර්ගෝපදේශනයට අමතරව, මනෝමිතික පරීක්ෂණ (Psychometric Test), අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්රණ (Interactive seminars) සහ වෘත්තීයවේදින් සමග පැවැත්වෙන කෙටි සාකච්ජා සඳහා සහාභාගී වීමටද නොමිලයේ අවස්ථාවක් සපයන බව සඳහන් වෙයි. එමෙන්ම, තරුණ තරුණියන්ට ඔවුන්ගේ අද්විතීය හැකියාවන් සහ දක්ෂතා පෙන්නුම් කිරීමට මෙය අත්වැලක් සපයන බවද ඔවුහු පවසති.
EDEX EXPO විසින් තාරුණ්‍යට ඉටුකරන මෙහෙවර අගමැති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යංශය, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින්ද පිළිගැනීමට ලක්ව ඇති බව මෙහිදී සඳහන් කෙරිණි.
මෙවර ප්‍රදර්ශනයේ නිල මූල්‍ය සහකරු ලෙස CDB කටයුතු කරන අතර, කුරියර් සහකරු ලෙස Citypak, මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE සහයෝගය ලබාදෙයි. ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන මේ ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු EDEX ලේකම් කාර්යාලය, RCU නිපුණතා මධ්‍යස්ථානය, රාජකීය විද්‍යාලයීය සංගමය, රාජකීය මාවත, කොළඹ 07 යන ලිපිනයෙන්ද, 011-3091086 අමතා හෝ [email protected] ඊමෙල් හරහා ලබාගත හැකි අතර, වැඩිදුර විස්තර සඳහා www.edex.lk වෙත පිවිසෙන ලෙස ඔවුහු ඇරයුම් කරති.