2017-2020 කාලපරිච්ඡේදය තු‘ළදී අපනයනකරුවන් 2,000ක් ස්ථාපිත කිරීමේ රජයේ ජාතික වැඩසටහන 2017 මාර්තු මස 23 වන දින උතුරු පළාතේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් යාපනයේදී පසුගියදා දියත් කෙරිණි.
එහිදී මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එම කටයුතු සුදානම් කළ බව පවසයි.මෙම වැඩසටහන යටතේ ව්‍යවසායකයන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක්, අපනයන භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාරික සායනයක් යන අංගවලින් සමන්විත විය.
එසේම මෙම සම්මන්ත්‍රණයේදී ගෝලීය සැපයුම් දාමයට එකතු වෙමින් අභියෝග ජයගත් ශ්‍රී ලාංකේය ප්‍රධාන පෙළේ අපනයනකරුවන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරමින් ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්රයට ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වූඅතර,අපනයනයට අදාළ මූල්‍ය පහසුකම් සලසන ආයතනවල සහ ඇසුරුම්කරණය ආදී සේවාවන් පිළිබඳව බැංකු හා විෂයභාර ආයතනවල නිලධාරීන් මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් ව්‍යවසායකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.
වසර 2020 වන විට නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනහි ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහාතිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමද මෙම වැඩසටහනෙහි මූලික ඉලක්කයක් වනු ඇත. අනෙකුත් පලාත්වල ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා එකී සම්මන්ත්රණ මාලාව ඉදිරියේදී නුවර, ගාල්ල,මඩකලපුව,බදුල්ල,යන නගරවලදී පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇත.