දශක ගණනාවක් පුරා පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඬුවම් පිළිබඳ ගැටලුව බහුලව දක්නට ලැබුණු බවත්, මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා මෙතෙක් පාසල් පද්ධතිය තුළින් ගනු ලැබූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවත් ළමා හිංසනයට තිත සංවිධානය පවසයි.
පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඬුවම් වර්ෂ 2020 වනවිට සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබඳ අවධාරණය කරමින් වෘත්තීයවේදීන් හා විද්වතුන් එකතුව පසුගිය 25දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
එහිදී, වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ දරුවන්ට සිදුකරන දරුණු සහ හිංසාකාරී දඬුවම් ඔවුන් තුළ මානසික හා කායික පීඩන ඇති වීමට මඟ පාදන බවයි. එම පීඩනයන් ඔවුන්ගේ යොවුන් වියටද අධික ලෙස බලපෑම් ඇති කරන බවත්, මීට හොඳම උදාහරණ පර්යේෂණ මගින් සනාථ වී ඇති අතර, ඒ හරහා කලහකාරී හා අනර්ථකාරී හැසිරීම්, විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය ආශ්රිත ක්‍රියාකාරකම්වලට පෙලඹීම ප්රමුඛ වන බවත් සඳහන් කෙරිණි.
දරුවන්ට සහ ඔවුනගේ අනාගතයට සිදුවන සෘණාත්මක බලපෑම් පදනම් කරගෙන ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 131 ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මෙම සියලු සාධකයන් සැලකිල්ලට ගෙන සිවිල් සංවිධානයක් වන ළමා හිංසනයට තිත සංවිධානය විසින් ආරම්භ කරනලද මෙම ව්‍යායාමය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහයෝගය ලැබීම විශේෂත්වයක් බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.