ශ්රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම මත ඇස්තමේන්තුගත කෙරෙන මුළු සංචාරක ඉපැයීම් 2020 ජනවාරි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 431ට සාපේක්ෂව, 2021 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 3ක් පමණක් විය.
2021 ජනවාරි මාසයේදී පෙර මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම්වල ක්රමික ඉහළ යෑමක් පෙන්වා තිබුණද, වසංගතය හේතුවෙන් සංචාරක පැමිණීම්වල ශීඝ්ර පහළ යෑම තවදුරටත් පිළිබිඹු කරමින්, 2020 ජනවාරි මාසයේදී වාර්තා වූ 228,343ක් වන සංචාරක පැමිණීම්වලට සාපේක්ෂව, 2021 ජනවාරි මාසයේදී එය 1,682ක් වූයේ 99.3%ක සංචාරක පැමිණීම්වල අඩුවීමක් පෙන්වමිනි.