2019 මාර්තු මස උද්ධමනය පසුගිය පෙබරවාරි මස පැවති 2.4% සිට 2.9% දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මේ ආකාරයෙන් ඉහළ යෑම සඳහා ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), රෙදිපිළි හා පාවහන් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් බලපා තිබේ.
කෙසේ වෙතත්, පොළ සහ එළවළු මිල ගණන් මෙම මාසයේ පහළ යෑම නිසා ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල පහ යෑමෙන් ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය -2.3%ක් ලෙස සටහන් විය.