2019 ජනවාරි මාසයේ වෙළෙඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්රවණතාව අඛණ්ඩව පැවැත්වෙමින්, 2018 වසරේ ජනවාරි මාසයේ වාර්තා කළ ඇ.ඩො.මිලියන 1,049 සමග සැසඳීමේදී ඇ.ඩො.මිලියන 617ක් ලෙස කැපී පෙනෙන අඩුවීමක් පෙන්වයි.
වෙළෙඳ හිඟය 2018 දෙසැම්බර් මාසයේ පෙන්නුම් කළ ඇ.ඩො.මිලියන 701 ටත් වඩා අඩු අගයක් මෙවර පිළිබිඹු කර ඇති අතර, මෙසේ වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩුවීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්රතිඵලයක් බව මහ බැංකුව කියයි.