ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානෝත්සවය නොවැම්බර් මස 29දා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික වශයෙන් ඇගැයීමට ලක්කරනු වස් මෙම සම්මාන ප්රදානෝත්සවය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, මෙවර සම්මාන ප්රදානෝත්සවය පවත්වනු ලබන්නේ අටවැනි වරටය.
සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සහභාගිවීමට නියමිතය.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වානිජ්‍ය,අන්තර්ග්රහනය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ යටතේ සම්මාන ප්රදානය සිදුකෙරේ.
මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.
www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.