ආනයන වියදම වර්ධනය වීමේ වේගයට වඩා වැඩි වේගයකින් අපනයන ආදායම වර්ධනය වීම හේතුවෙන් 2018 අගොස්තු මාසයේදී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා කර තිබේ.
එනම්, 2017 වසරේ අගෝස්තු මාසයේදී ඇ.ඩො.මිලියන 856ක් වූ වෙළෙඳ හිඟය මෙම වසරේ අනුරූප මාසයේදී ඇ.ඩො.මිලියන 850ක් ලෙස දැක්වුණි.
කෙසේ වෙතත්, පෙර වර්ෂයේ අගෝස්තු මාසයට වඩා මෙවර ආනයන වියදම ඇ.ඩො.මිලියන 1,887ක් දක්වා වැඩිවී ඇති අතර, එය පෙර වසරේ පැවතුණේ ඇ.ඩො.මිලියන 1,857ක් ලෙසිනි.
එමෙන්ම, 2018 වසරේ පළමු මාස 8 තුළ සමුච්චිත වෙළෙඳ හිඟයද 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.