2018 ජනවාරි මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 7.3%ක් ලෙස වාර්තා වූ අතර, 2017 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමන අගය ලෙසද 2018 ජනවාරි මාසයේ උද්ධමන අගය සැලකෙයි.
මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.0%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.4%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2017 ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ දායකත්වය 2.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.6%ක් විය.