2018 අප්‍රේල් තෙක් මසකට සහල් මෙ.ටො.ලක්ෂයක්
මෙම උත්සව සමයේ අවශ්‍ය තරම් සහල් පාරිභෝගිකයන්ට පහසුවෙන් හා දැරිය හැකි මිලකට ලබාගැනීමට හැකි වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කර තිබේ.
මේ අතර, 2017/18 මහ කන්නයෙන් හා 2018 යල කන්නයෙන් ලැබෙන වී අස්වැන්න පිළිබඳව පුරෝකතනයක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිත අතර, එම පුරෝකතනය මත අවශ්‍ය තරම් වී නිෂ්පාදනයක් වෙළෙඳ පොළට ලැබෙන තෙක්, මසකට සහල් මෙ.ටො.ලක්ෂය බැගින් ආනයනය කිරීමටද රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටො. 24 ලක්ෂයක් පමණ වේ. මෙම වසරේදී මේ වනතෙක් සහල් මෙ.ටො.670,000ක් පමණ ආනයනය කර ඇත. එය වාර්ෂික පරිභෝජනයෙන් 30%ක පමණ ප්රමාණයකි.
ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු දක්වා හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම පිණිස ඕනෑම පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික සහල් මත පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට ශත 25 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය 2018 වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
මීට අමරතව පරිප්පු, ටින්මාළු, ලොකු ලූණු, අල, සීනි සහ හාල් මැස්සන් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයද හිඟයකින් තොරව පාරිභෝගියන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. එම ද්‍රව්‍ය ආනයනික මිලටම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අලෙවි කරන බවට ආනයනකරුවන් රජයට පොරොන්දු වී තිබේ. ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදුවන අමතර වියදම් වන ආනයන බදු, ගබඩා වියදම් ආදිය වෙනුවෙන් රජය මගින් සහන ලබාදෙනු ඇති බවද කියැවේ.
මේ අතර පොල් සඳහා තිබෙන ඉල්ලුමට විකල්පයක් වශයෙන් පොල් මද තීරු බද්දෙන් තොරව ආනයනයට කිරීමටත්, පොල් කිරි නිෂ්පාදකයන්ට හා කර්මාන්තකරුවන්ට අවසර ලබාදී තිබේ. පොල් මද ක්ෂණිකව වරායෙන් නිශ්කාෂණය කරගත හැකි වන පරිදි අවශ්‍ය අනුමැතිය එක් දිනකින් ලබා දීමටත් අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

