2017 මුල් මාස 6 පරිගණක සාක්ෂරතාව සියයට 28.3යි
- 5 12 2017
- 15:10
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
වයස අවුරුදු 05 හා 69 අතර පුද්ගලයින්ගේ ඇස්තමේන්තු කරනලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017 මුල් මාස 06 තුළ 28.3% ක් බව ජනලේඛන හා සංඛ්යාතලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යපක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
එහිදී, 41.1%ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර ග්‍රා මීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙලින් 26.5% හා 9.5% වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණ කිහිපයක් 2004, 2006/07, 2009, 2014, 2015, 2016 වසරවලදී සිදුකර ඇති අතර, 2017 වසරේ පළමු මාස 06 තුළ සිදුකළ සමීක්ෂණයේ සංක්ෂිප්ත වාර්තාව ඉදිරිපත් කරමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
