2016 වර්ෂයේ නොවැම්බර්මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017නොවැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 4.4%ක වැඩිවීමක් වාර්තා වන බව 2017 නොවැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්යඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.
තවද 2017 සහ 2016 යන වර්ෂවල නොවැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 108.9 ක් සහ 104.3 ක් වූ බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.